À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්දෙවැනි කොටහා

A+ A-

” ඇතුළට එන්න ඉතින් ඔතන හිටගෙන බලන් ඉන්නැතුව “

” ලොකු හාමු. ඇයි මට කතා කරේ “

මන් එදා ඇතුළට ගියත් හරි දැක්කේ ජනේලේ ළග හිටගෙන අතුත් බැදගෙන ඉන්න ලොකු හාමුව .

” ඉද ගන්න “

” මන් මොකක් හරි වැරදි දෙයක් වත් කරාද ලොකු හාමුට “

මන් ඇද කොනෙන් ඉදගෙන එහෙම ඇහැව්වේ මන් මයෙ හාමු එක්කලා වලව්වට ආවත් හරි ලොකු හාමු කතා කරන ඉස්සල්ලාම වතාව නිසා. ඒකත් කිසිම සුහදශීලි කම ගෑවිලාවත් නැති විදිහට වෙද්දී මන් අරහෙම ඇහැව්වේ හිතේ චකිතයකුත් තීයා ගෙන .

” කොහොමත් උබ කරන්න පුළුවන් ලොකුම වැරැද්ද කරලා ඉවරයි. ආයේ ඒ ගැන කතා කරා කියලා ආපස්සට හැරීමක් නෑ උබට. ඔය විදිහට දිගටම පලයන්. මට කියන්න තියෙන්නේ මෙච්චරයි මන් එදත් කිව්වා….. අදත් කියන්නම්. මන් ආයේ උබේ ජිවිතේට ඇගිලි ගගහා ප්‍රශ්නයක් වෙන්නෑ. මගෙ ළමයවත් එක්කන් මෙහාට්ට එන්න. පොඩි මේ වලව්වේ කොහොමත් දැන් ඉන්න එපැයි. මන් කියලත් හැමදාම මේ විදියට ඉන්නෑ නෙ “

” ලොකු හාමු මන් කරපු ලොකුම වැරැද්ද ඔයාගෙ පුතා එක්ක සම්බන්දයක් ඇති කර ගත්ත එකට නම් ඒ දේට මන් ලොකු හාමුගෙන් කලිනුත් සමාව ඉල්ලුවා. මොන ප්‍රශ්නයක් ආවත් ලොකු හාමු මට කොහොමත් බෑ මයෙ හාමු මහත්තයයි දරුවයි අත අරින්න. “

” කොල්ලෝ උබ මගෙන් සමාව ගත්තට වැඩක් නෑ. කවදා හරි දවසක් එනවා. අන්න එදාට උබ පසු තැවෙයි. පොළවේ පස් කන්න හිතෙන තරමට නොසෑහෙන්න පසු තැවෙයි. එදාට මයෙ වචන ටිකත් ආයේ ආයේ උබට මතක් වෙයි “

” ඇයි මන් පසු තැවෙන්නේ “

මන් ඒ මූණට නැඹුරු වෙලා ඇහැව්වත් හාමු මට හිනාවක් දීලා පුටුවෙන් නැගිට්ටා. ඒ ඇස් මගෙ ඇස් දිහා ටික වෙලාවක් යනකම් එක එල්ලේ බලන් ඉදලා ඇස් දෙක පියා ගෙන අතින් නළල මිරික ගෙන ලොකු හුස්මක්‌ පාත දැම්මා වෙද්දී මන් හාමු දිහාම බලන් හිටියෙ මොනාම හරි කියන කම් .

” දැන් ඕවා හිත හිතා හිත කරදර කර ගන්න ඕන්නෑ. ඒ කාලේ ආපුහාම උබ ඇති තරම් විදවපන්කො. දැන් උබ සතුටු වියන්. පුළුවන් උපරිමයෙන් සතුටු වෙවී ජිවිතේ විද විද ඉදපන්. උබ ඔහොම ඉන්න තාක් කල් උබට හිතේ සැනසීමෙන් ඉන්න පුළුවන්. “

මට තඹ සතේකටවත් හාමුව විශ්වාස කරන්න බැරි වුණත් ඒ වචන මයෙ හිතේ පැල පදියම් වෙන්න ගත්තා. හාමු කොහොමත් කැමති නෑ මන් එයාගේ පුතා එක්කලා හොදින් ඉන්නවට. තවත් හාමු එක්කලා කතා කරන්න තරම් දෙයක් නැති නිසා මන් එතැනින් නැගිට්ටා

” මන් යන්නම් “

” හ්ම්….. මයෙ එකාව මයෙ ළගට ගෙනෙන් පුතා. උබව මේ වලව්වට එදා වද්ද ගත්තේ නැත්තම් මයෙ ළමයා තාමත් මන් ළග “

එදා ලොකු හාමුගෙ කතාව මතක් වෙච්ච පාර මට මයෙ තේ එකේ රහවත් බලන්න බැරි වුණා

” උබ ලොකු කල්පනාවක හිටපු නිසා මන් ඉතින් කරදර කරේ නෑ. තේ එක ගොඩක් ඇල් වෙලා නැතිව ඇති මයෙ හිතේ “

දමියා එහෙම කියලා බිස්කට් එකක් කකා ආයේ ලිය කියවිලි වලට මූණ ඔබා ගත්තා.

” ඒ බන් එදා පාටියේදී රෑ අවසානෙට සිද්ද වෙච්ච ඒවා මොකවත් මතක නෑ නෙ බන් මට “

” උබ හොදට නැටුවා අනිත් උන් එක්ක උඩ පැන. ඊට පස්සේ අපි ආපහු බොන්න ගියා බන්. මන් උබට ඇතියි ඇතියි කිව්වට ඇහැව්වෙත් නැහැ උබ බෝතලෙන් භාගයක් ඉවර කරා. මට වැඩිය උබ එක්ක එතැනින් එහාට්ට ඉන්න වුන්නෑනෙ බන් මන් ගෙදර ගියෙ. දහයට විතර අප්පච්චි එන්න කිව්ව‍ නිසා “

ඒකා ඒ කියපු ටික නම් ලාවට ලාවට මතකයි. එතැනින් එහාට්ට තමයි මට අමතක.

” දමිත් සාක්ෂි ටික හරියට එක්කහු කර ගත්තද “

මන් කර කර හිටපු වැඩේ නතර නොකරම මන් එයාට ඇහුම් කන් දුන්නා. දමියගෙ මේසෙට වෙන්න හිටියට මොකද ගායන් සර් එක අතක් තියෙන්නේ මයෙ මේසේ උඩ .

” ඔව් සර් “

” ම් හොදයි. නිලූෂ…… නිවාඩුව කොහොමද හොදයිද. ගොඩක් කාලෙකින් වගේ නිකන් මූණ දැක්කේ “

ඊට පස්සේ ගයාන් සර් හැරුනේ මග පැත්තට. ඒකත් මේසෙට අත් දෙකත් බර කරලා මයෙ පැත්තට බර වෙලා

” හොදයි සර් “

” පොඩි ළමයෙක් වගේ. රැවුලේ බිස්කට් කුඩු “

මන් පුටුවේ ඉදගෙනම පස්සට වුණත් වැඩක් වුන්නෑ එයා හිනා වෙවී මයෙ රැවුලේ තිබ්බ බිස්කට් කුඩු පිහදාලා එතැනින් යන්න ගියත් හරි මන් දැක්කේ මයෙ දිහා ඇසුත් ලොකු කරගෙන බලන් ඉන්න දමියා. හොද වෙලාවට අනිත් උන් හෝ ගාලා වැඩ කරනවා.

” සර් උබට කැමති “

” කටවහපන් මට හිරිකිතයි දැන් “

පුදුම වදයක් වුණා නෙ මේකා.

මන් වලව්වට එද්දි හොදටම රෑ වුණා. කඩුල්ල ළග කනාමැදිරි එළියක් හරි තියෙන බල්බේ නිසා හොදයි ඉතින්. ඈතින් ඉස්තෝප්පුවේ වේ වැල් පුටුවේ වාඩි වෙලා මන් එනකම්ද කොහෙදෝ බලාන් ඉන්න හාමුව දකිද්දී මයෙ හිතට දැනෙන්නෙ පුදුම සතුටක්.

” මන් හිතුවා අදත් මහත්තයට පාටි ඇතියි කියලා “

” එහෙම හැමදාම පාටි තියෙනවා නම් බැරියෑ මයෙ හාමු. කෝ පැටියා “

ඒ නළලට සිපුමක් තියෙලා මන් ඇහැව්වේ පැටියා ගැන. අද නම් පැටියට මොකවත්ම ගන්න වුන්නෑ.

” දිනුලගෙ කාමරේ ඉදලා කතන්දර පොත් කියවනවා දෙන්නා. කොල්ලට රාහුල් ඉන්න නිසා ආයේ දෙයක් නෑ ඉතින්. හැබැයි චූටි අප්පච්චි තාම නැද්ද තාම නැද්ද කියලා අහ අහා ඉදලා දැන් ටිකකට කලින් රාහුල් එක්ක ගියා ඔන්න “

” මන් ඉක්මනට ඇගට වතුර ටිකක් දාගෙනම එන්නම් “

කාමරේට ආපු මන් ඇදුමත් ගලෝලා එහෙම කියලා තුවායත් අරන් ගියෙ හාමු මහත්තයගෙ වොෂ් රූම් එකට.

” අහ් ෂීට් මගෙ දෙයියනේ “

එක පාරටම උණු වතුර කරාම වලින් ආපු නිසා මයෙ පිටත් පිච්චිලා ගියා වෙද්දී මන් කෑ ගහගෙනම එහාට්ට පැන්නා. ටිකක් වෙලා ඉදලා තමයි ආයේ ඇග හෝදන්න ගත්තේ.

” මොකද ඔය කරන්නෙ ආ….. “

හාමු ඇද යට නැවී ගෙන ටෝච් එක ගගහා බලන් ඉද්දි මාත් එතැන්ට ගිහිල්ලා ඇද යට බැලුවා. පූස් පැටියා පොඩි බෝලයකින් සෙල්ලම් කරනවා උඩත් පැන පැන .

” සද්දේ මොකක්ද කියලා බැලුවේ නිලූෂ . පූසා ඉතින් හොල්මන් කරනවනේ මෙතැන. ම් මේ…..පොඩ්ඩක් ඉන්න “

කමිසේ ගන්න අනිත් පැත්තට හැරුණත් මයෙ හාමුගේ ඇගිලි මයෙ පිට දිගේ ගියෙ මයෙ හාමුට මන් ඕන වෙලා වගේ

” මොකෝ මේ ම් “

ආයේ හාමුගෙ පැත්ත හැරිලා එයාගේ අත් දෙක මන් එකට කරලා අල්ල ගෙන මොකද මේ කියලා අහද්දී හාමුත් මාව බිත්තියට තද කරන් ගෑවෙන නොගෑවෙන විදිහට මයෙ මූණට නැඹුරු වෙලා පිට රතු වෙලා කියලා කිව්වා. එතකොටයි මට මතක් වුණේ එක පාරටම උණු වතුර මයෙ පිටට වැටුනයි කියලා. අයියෝ මන් හිතුවේ වෙන දෙයක්.

” නාද්දී උණු වතුර පිටට වැටුනනෙ ඒකයි ඒ “

” උණු වතුර කොහොම වැටෙන්නද. එක්කෝ උඩ බූලි අව්වට රත් වෙලාවත් වෙන්න ඇති “

එහෙම කියලා හාමු මාවත් තද කරගෙන මයෙ මූණට පාත් වෙද්දී මාත් ඒ ඉන තදින් මයෙ ඇගට තද කරන් හාමුව රස විදින්න ගත්තා

” දැන් වත් මට ඇදුමක් ඇද ගන්න පුළුවන් වෙයිද “

එහෙම කිව්වට පස්සේ තමයි මෙච්චර වෙලා මයෙ කට කකා හිටපු හාමු මහත්තයා මයෙ ළගින් ඈත් වුණේ. තොල තුවාල වෙලා වගේ. ලේ රහ හොදට දැනෙනවා.

” මන් පහළට යන්නම් බත් කන්නත් එපැයි. පැටියා කොහොමද දන්නෑ “

එහෙම කියලා හාමු මහත්තයා දොරත් ඇරගෙන එළියට යද්දි කාමරේ තිබ්බ බල්බේ ගැහි ගැහි පත්තු වුණා. බල්බේ කාලෙත් හරි වගේ. බිම වැටිලා තිබ්බ තුවායත් අහුලගෙන පුටුවේ උඩ වේලෙන්න දාලා කළු සරමට අත් දීග ලා දුඹුරු පාට කමිසේ දා ගත්තා. දැන් නම් නිවී නිවී පත්තු වෙවී තිබ්බ බල්බේ නිවිලම යද්දි ඒ අස්සේ වහලා දාලා තිබ්බ ජනේලෙත් හයියෙන් ඇරුනා. කළුවරේම මන් කොහොම හරි ටෝච් එකත් හොයා ගෙන කාමරේ ජනෙල් දෙකත් ලොක් කරලා දොරත් ඇරගෙන ගියෙ එළියට .

මාත් හාමු ළගින්ම කෑම කන්න කෑම මේසේ වාඩි වෙද්දී ලොකු හාමුගේ ඇස් මයෙ දිහාට හැරුනා වෙද්දී මන් හාමු දිහා බැලුවා.

” සාහුල් ඔලා පාප්පු කන්තෑද……. “

” මත පාප්පු කන්න බා නෙ තූති….. “

රාහුලුයි අපෙ පැටියයි කෑම මේසේ එක ළගම ඉදගෙන බත් කද්දී අපෙ පැටියා රාහුල්ගෙ බත් එක දිහා බලාගෙන පරිප්පු කන්නැද්ද කියලා අහනවා.

” අයියූ පාප්පු ගුදක් සසයි සාහුල් “

” නුරාද පැටියෝ ඔයා කරවිල වලට කැමති නෑ වගේ තමයි රාහුල් පරිප්පු වලට කැමති නෑ “

හාමු මහත්තයා එහෙම කියද්දී නුරාද ටිකක් වෙලා යනකම්ම හාමු මහත්තයා දිහා බලා ගෙන ඉදලා මටත් බැල්මක් දීලා ආයේ පිගාන දිහා බලන් කන්න ගත්තා.

” සීයේ…… හෙට පන්සලේ යනවද හාමුදුරුවෝ හම්බෙන්න “

” ඔව් දූ යනවා හත් දවසෙ දානේ ගැන කතා කරන්න එපැයි. උදේට යමු පන්සලට “

හත් දවසෙ දානෙට තව ටික දවසයි ඉතිරි වෙලා තියෙන්නේ. අපි ඒ වෙනකම් වලව්වේ ඉන්නවා. ලොකු මැණිකෙගේ පුටුවේ අද වාඩි වෙලා ඉන්නේ ලොකු බේබී. දෙනුවන් නම් කලින්ම කාලා ගියා නිදා ගන්න.

” තූ ති අප්පත්ති කුත්ති යත යමුත “

” ඒ මොකද කුස්සියට යන්න බැරි….. චූටි අප්පච්චි නැතිව වෙනදත් යසට යන්නෙ තනියම “

” මාත් කාලා ඉවරයි දැන් අත හෝදගෙනම එන්නම්කෝ හාමු මන් “

හාමු මහත්තයා අරහෙම කියනකොට පැටියා දුක හිතෙන විදිහට මයෙ දිහා බලාගෙන හිටියෙ හරියට එයාට තනියම යන්න බය හිතිලා වගේ.

” මෙහෙට එන්න ඉතින් “

කොල්ලා වතුර බීලා ඉවර වෙද්දී මන් පැටියව වඩා ගත්ත පාර චූටික්කා හිනා වෙලා මයෙ කම්මුල් දෙපැත්තට උම්මා දීගෙන දීගෙන ගිහිල්ලා මාව තද කරලා බදා ගත්තා.

” චූටි අප්පච්චි නැතුව මොකවත් කර ගන්න බෑ නේද මයෙ චන්ඩි පැටියට නේද ම් “

” ඔලා නතුව බා තමා අලේ. තූති අප්පත්තිත මෙත්තලක් ආදේ……. “

අනේ අම්මේ මයෙ චූටි රෝස මල. අතුත් පුළුවන් තරම් ඈත් කරගෙන ඇසුත් ලොකු කරන් එයාගේ ආදරේ ප්‍රමාණේ පෙන්නනවා මට .

💥💥💥💥💥💥💥

” පොඩි බේබී ලොකු හාමු තමයි කිව්වේ මේ ලොකු මැණිකෙගේ ඔසරි ටික ගමේ කැමති අයට බෙදල දෙන්න කියලා “

” එහෙනම් කමක් නෑ. ඕවා අල්මාරියේ තිබ්බ කියලා වැඩකුත් නෑ නෙ කමනි නැන්දේ. කාට හරි දුන්නා නම් පාවිච්චියට ගන්නවා නෙ “

අප්පච්චිගේ කාමරෙන් සද්දයක් ඇහුණු නිසා කාමරේට යද්දි මන් දැක්කේ කමනි නැන්දා අම්මගේ ඔසරි ටික අල්මාරියෙන් අයින් කරනවා. අප්පච්චියි අයියයි දෙව්මියි ගියා පන්සලේ පැත්තේ. දෙනුවන් අද ගෙදර ගියා උදේ පාන්දරම. දිනුල නම් සෙනසුරාදා හින්දා මෙහෙ. මයෙ මහත්තයා ගියා වැඩට. පාන්දරම එයත් ගිය නිසා තව ටිකකින් ඒවි හැබැයි .

” දිනුල ආයේ කොළඹ යන්නෙ කවද්ද “

” ඊළග සතියෙ බන් යන්නෙ. උසාවි යන්නත් තියෙනවා. “

මන් එළියේ ඔන්චිල්ලාවට යද්දී දිනුලත් එකේ ඉදගෙන ඔහේ කල්පනා කරනවා.
එයාට මේ වලව්වේ ඉන්න එක අමාරුයිද දන්නෙත් නෑ. අහන්නත් බැරි වුණා.

” දිනූ….. උබට මෙහෙ ඉන්න එක අවුලක් නැහැ නෙ නේද බන්. අපෙ අප්පච්චි වුණත් උබට කැමතියි නෙ ඉතින් “

” මෙහෙ හොදයි බන්. මගේම තැනක් වගේ. මට වඩා අපෙ පැටියට බන්. වලව්ව කියන්නේ එයාගෙම ගෙදර වගේ ද කොහෙදෝ එයාට. ආපු දවසෙ ඉදලා ඔය ලස්සනට නුරාද එක්ක ඉන්නෙ. අනික බන් දැන් මට මෙහෙදි කිසිම තනිකමක් දැනෙන්නේ නෑ”

මේ වෙනකම් ඉස්සරහ තිබ්බ සේපාලිකා දිහා බලාගෙන හිටපු දිනුල අවසාන ටික කිව්වේ මයෙ ඇස් දිහාම බලාගෙන වෙද්දී මට මතක් වුනේම මයෙ නිලූෂ. එයා කිව්වා වගේම දිනූගේ ඇස් දිලිසෙනවා. එයා මන් දිහාම බලන් ඉද්දි මට අපහසුවක් දැනුනු නිසා මාත් එයාට හිනාවක් දීලා ඉස්සරහ බලා ගත්තා.

” මතකද එක දවසක් අපි දෙන්නා කොල්ලෝ ටික එක්කලා කෑම්ප් ගියා. හිටපු දවස් තුනේම මන් උදේට නැගිටිද්දී පුදුම විදිහට මයෙ ඇග කැක්කුම් ගැහැව්වේ. උබ ඉතින් මාව මෙට්ටේ කරගෙනනෙ මයෙ ඇග උඩමනේ බුදි යෑවේ “

” මතකයි මතකයි ඒවා… හරිම විනෝදයි ඒ කාලේ. ඒවුනාට ඉස්සර තිබ්බ නිදහස් ගතියට වඩා දැන් ඉන්න මේ විදිහට ගොඩක් ආසයි මන්. “

මයෙ නිලූෂවයි පැටියවයි මතක් වෙද්දි මයෙ මූණට ඉබේටම ලා හිනාවක් ආවා. අද වගේම මතකයි මට නිලූෂව ඉස් ඉස්සල්ලම හම්බුනු දවස. තඹ පාට ටිකක් වැවිලා තිබ්බ කොන්ඩේ හොදටම අවුල් වෙලා ගිහිල්ලා තිබ්බා . ඉරිතලා ගියපු දුර් වර්ණ ඒ කන්නාඩි කුට්ටම යටින් තිබ්බ ඒ තියුණු ඇස් දෙක. අළු පාටට හුරු කලිසමට උඩින් තිබ්බ සුදු පාට අත් දිග කමිසේ. පරණ බාටා කෑළි දෙක. ලොකුම ලොකු ඇදුම් මල්ලකුත් උස්සන් වාහනේ හිටපු මයෙ දිහා බලන් හිටපු විදිය. සුදු උස හීන්දෑරී ඇග. වාහනේ යනින් ගමනුත් අපි දෙන්නගේ ඇස් වාහනේ කන්නාඩියෙන් එකට ගැටිච්ච විදිහ හරි ලස්සනට තාම මතකයි. ඒත් එක්කම එයාගේ සිහියේ හිටපු මන් ගැස්සිලා ගියෙ දිනුල මයෙ අතට පාරක් ගහලා කඩුල්ල පැත්ත පෙන්නුව පාර. ආ ඔය එන්නෙ මයෙ මහත්තයා ගැන හිතනකොටම. මූණ පොඩ්ඩක් සවුත්තු වෙලා වගේම මයෙ ළගට එනකම්ම ඒ ඇස් තිබ්බෙම දිනුල ගාව.

” මහන්සිද ම් “

” කොත්තමල්ලි එකක් හදලා “

ළගට ආපු ගමන්ම මගෙන් කොත්තමල්ලි එකක් ඉල්ලපු එයා ගිනි පුක්‌කාරයා වගේ ආයේ මොනවත්ම නොකියා යන්න යද්දි මට බැලුනෙ දිනුල දිහා.

” කොල්ලට මහන්සි ඇති “

” ඔව් පාන්දරනෙ ගියෙ බන් “

ඌටත් යන්නම් කියලා ඇතුළට ආපු මන් කාමරේට යන්න ගියත් හිටපු තැනම මන් නතර වෙලා බලාගෙන හිටියෙ දොරකඩ ළග අපෙ කාමරේ දිහාම බලාන් ඉන්න රාහුව දැකලා. මාත් සද්දයක් බද්දයක් වත් නොකර රාහුගේ පිටිපස්සේ හිටන් බැලුවේ ඇතුළ. අපෙ අම්මා…. මයෙ නිලූෂ ගේ ඔක්කේ හිටපු පැටියාගේ අතේ තිබ්බේ ලොකු මල්ලක්. චොකලට් මල්ලක් වගේ. පැටියා මල්ලට මූණත් ඔබාගෙන චොකලට් එකින් එක අරන් හිනා වෙවී ඒවා ඇදෙන් තියෙනවා.

” නුරාද රාහුල්වත් අඩ ගහ ගන්න ළමයෝ……. “

” අයියූ……. එලා අමතත වුණානි මත. එන්ත සාහු තොකලත් බාන්න “

අපෙ චූටියා අතත් දික් කරලා අඩ ගහද්දි තමයි රාහුල් මයෙ දිහාත් බලලා ඇතුළට ගියෙ.

” දෙන්නා එහෙනම් එකතු වෙලා කඩචෝරු පෙට්ටියෙ ඕවා ටික ලස්සනට අහුරන්න “

” ඔච්චර චොකලට් ගෙනල්ලා දුන්නොත් බලාගෙන ඉද්දි පැටියගේ දත් පනුවෝ කයි චූටි අප්පච්චි “

” කමක් නෑ අලුත් දත් ටික ආපුවහම ඒ ටික පරිස්සම් කර ගන්නවා “

එහෙම කියපු එයා නැගිටලා ආයේ චූටි පැටියට උම්මා දෙන්න ගද්දි රාහුත් ඒ දිහාම බලන් හිටියෙ එයා ගත්ත චොකලට් එකත් අතේ තියා ගෙනම. කොල්ලගේ මූණත් ටිකක් වෙනස් වෙලා වගේ නිලූෂ පැටියට උම්මා දෙද්දී

” ම් කෝ කෝ පැටියෝ… දෙන්නා එක්ක චුට්ටක් එළිය ට ගිහිල්ලා සෙල්ලම් කරලා එන්නකෝ. නුරාද ඔයාගෙන් චොකලට් ටිකක් අනිත් අයටත් දීලාම කන්න “

” මන් සාහුත දෙනෝනෙ අප්පත්ති ඉතින් “

” දෙව්මි අක්කිටත් දෙන්න “

කොල්ලා චොකලට් ටිකකුත් සාක්කුවට දාගෙන රාහුගේ අතිනුත් අල්ලන් දෙන්නා එළියට යද්දි මන් ගියෙ නිලූෂ ළගට

” ඇයි නිකන් තරහ ගිහිල්ලා වගේ හිටියේ ඉස්සෙල්ලා “

” නෑ මේ වැඩ කරන තැන පොඩි අවුලක් වුණා. ඒක හරියයි. මන් ඉක්මනට නාගෙන එන්නම් “

මගෙ බෙල්ලේ මෙච්චර වෙලා ඔලුව තීයා ගෙන හිටපු එයා තුවායත් අරන් වොෂ් රූම් එක ඇතුළට යද්දී මන් ගියෙ කුස්සියේ පැත්තට.

” මුළු වලව්වම සුවදයි නැන්දේ……. “

” පොඩි බේබී…. මන් මේ පොඩි බේබියි ලොකු බේබියි දෙන්නම කන්න කැමතිම කෑමක් හදනවා “

නැන්දවත් පොඩ්ඩක් එහාට්ට කරලා මන් ඉස්සිලා බැලුවේ ලිපේ ඉදෙන හට්ටිය දිහා. ම්…… කළුවට හදන පොළොස් ඇඹුල. අනිත් ලිපේ කුකුල් මස්ද කොහෙදෝ.

” මන් බොන්න මොනා හරි හදන්නද බේබී “

” නෑ එපා නැන්දේ මන් කොත්තමල්ලි එකක් හදා ගන්නම් “

අප්පච්චි ගුණේ මාමාත් එක්ක මොනාදෝ කතා කර කර ඉස්තෝප්පුවේ ඉන්නවා. පැටව් දෙන්නත් එළියේ එළියේ සෙල්ලම් කරනවා. රාහුල් පුවක් කොළේ ඇදගෙන යද්දි නුරාද එකේ උඩ ඉදගෙන හයියෙන් හිනා වෙවී ඉද්දි රාහුගේ මූණත් රතු වෙලාද කොහෙදෝ.

” තා අදින්ත සා….à·„à·”. කෝ කෝ සාහු…..තා අදින්තකු අලේ “

” මත මාන්ති දන් නම් අලේ…. අයියූ ඔලා බල වැදී තිතක් “

” මන් බල නා සාහු. තූති අප්පත්ති මාව කොත්තල වදා ගන්නෝද ඒනම් “

පැටියා රාහුල්ට වද තිස්‌ තුන් කොටියම දෙනවා වගේ පේන්නෙ.

” අප්පච්චි හාමුදුරුවෝ මොනාද කිව්වේ “

” අනිද්දා දානෙට මෙහෙ වැඩම කරන්නම් කිව්වා පොඩි. දොළොස් නමක් වඩිනවා කිව්වා. හෙට උදේන්ම හරි යමු නේද බඩු ටිකකුත් ගේන්න. අයියත් එන්නම් කිව්වා “

” හෙට උදේට යමු එහෙනම් අප්පච්චි. ඉරිදා නිසා පොළත් ඇතිනෙ. පලතුරු වර්ගත් ගන්න ඕනී “

අප්පච්චි එක්ක දානේ ගැන කතා කර කර ඉදලා මන් ගියෙ ළමයි දෙන්නා ළගට. අම්මේ…… නුරාදගේ හිච්චි කලිසම ගන්න දෙයක් නෑ. පිටිපස්සේ තනිකරම මඩ කහට. රාහුල් නම් ලස්සනට පිරිසිදුව ඉන්නවා. ඒකට අපේකා මඩ කනයා වගේ.

” ඌයි අප්පත්ති “

” ඌයි තමයි. මේවගේ මඩ යවලා යවලම මයෙ කොන්ද කැඩෙනවා දවසක. මෙච්චර මඩ ගා ගන්න එපා ළමයෝ හොදට පිරිසිදුව ඉන්නකෝ. දැන් ටිකකට කලින්නෙ දෙන්නා නෑව්වේ “

පොඩ්ඩගේ කන චුට්ටක් ඇල්ලුව පාර පැටියා කනත් අල්ලන් පස්සට වුණා කෑ ගහගෙන .

” කෝ පැන් වක් කරන්න පව්ලේ හැමෝම එන්න ඉස්සරහට “

හාමුදුරුවෝ එහෙම කියද්දී මායි අයියයි දෙව්මියි අප්පච්චි ළගට ගිහිල්ලා ඉදගද්දී අප්පච්චි පැන් ජෝගගුව අර ගත්තා. නිලූෂට මන් පිටිපස්ස හැරිලා කතා කරත් එයා පැටියවත් ඔක්කේ තියාගෙන මට ලා හිනාවක් දීලා එතැනම හිටියා.

මන් හාමුදුරුවන්ට පොඩි දීසි වලට කිරි බෙදද්දී මයෙ නිලූෂ මී පැණි වක් කරගෙන ආවා. හාමුදුරුවෝ දානෙත් ඇරගෙන ආයේ වැඩියට පස්සේ ඉතිරි කෑම ටික ඔක්කොම වලව්වට ආපු ගමේ අයට කන්න මේසෙට ඇරියා.

” හාමු අපෙ පැටියා දැක්කද “

” ඇයි දෙන්නට බත් කන්න ඕනී කියලා ගියෙ බත් බෙදා ගන්න “

” එහෙමද ඒ දෙන්නා දැක්කේ නෑ නෙ මන් “

නිලූෂ එහෙම කිව්වට පස්සේ මන් ගියෙ කෑම බෙදා ගන්න තැනට. ඇත්ත තමයි ඒ දෙන්නා නෑ පේන්නවත්. අයියයි දිනුලයි නම් තඩි බත් පිගන් දෙකක් බෙදාගෙන පැත්තකට වෙලා කනවා ලොකු කතාවක ඉදන් . මන් කෝකටත් ගිහිල්ලා එළියේ පිටිපස්සේ කුස්සි කෑල්ලෙත් බැලුවා නෑ දෙන්නා

” මෙහෙ එන්නකෝ පොඩ්ඩක් “

” ඇයි පැටව් දෙන්නා හම්බුනද “

නිලූෂ මාවත් ඇදන් ගියෙ අපෙ කාමරේට වෙද්දී ඇද උඩ හිටපු ඒ දෙන්නා දැකලා මට ලොකු හුස්මක් පිට වුණා. බත් වෙනුවට නුරාද පිගානේ පිරෙන්න පපඩම් දාගෙන තියෙද්දී අනිත් චූටිටයත් පිගානේ පිරෙන්න ලොකුම ලොකු හෝදපු මස් කෑල්ලකුයි පපඩම් ටිකකුයි. අනිත් පැත්තේ ටිකක් එහාට්ට වෙන්න ලොකු අයිස්ක්‍රීම් පෙට්ටි දෙකයි. එකක් වැනිලා අනික චොකලට්.

” අප්පත්තිත් කුත්තියෙන් බෙදන් එන්ත කන්ත අපෙ පිගල් දියා බලන් ඉන්තතුව “

හරිනේ ඉතින් ඉන්න ඔක්කොමලාම කෑම මේසේ ළග කඩි ගුල වගේ හිටපු නිසා දෙන්නා එළියේ කුස්සියේ මුට්ටි වලින්ම පපඩමුයි මසුයි දා ගන්න ඇති. එපා කියන්න කව්ද ආයේ කුස්සියේ පැත්තේ ඉන්නේ

” කෝ බත් “

” අයියූ තූති අප්පත්ති හමදාම බයි කනෝනෙ “

රෑ මට ඉබේටම වගේ නැගිටුනේ වොෂ් රූම් එකෙන් වැටෙන වතුර සද්දයක් ආවා නිසා වෙද්දී මන් ටිකක් නැගිටලා ඒ පැත්ත බැලුවේ එක ඇහැකුත් භාගෙට පියාගෙන .

💥💥💥💥💥💥

ගිහිල්ල එන්නම් යාලූලා 🤗

බුදුසරණයි 🙏

අදහස් වෝට් වලට ගොඩාරියක් ඉස්තුතියි යාලූලා හැමෝටම 🙏❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්දෙවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්දෙවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්දෙවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්දෙවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්දෙවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්දෙවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 53